Sunday, April 22, 2012

ප්‍රේමය




සත්‍ය වූ ප්‍රේමය
මහමෙර මෙන් ශක්තිමත්ය.
මහ සමුදුර පත්ල මෙන් ගැඹුරුය.
අවකාශය මෙන් සුවිශාල ය.

-----------------------------------------------------------------------------------------------------------------




භක්ති ප්‍රේමය හෝ
ගෞරවය හෝ
ඒ එකක්වත් නොවේ ප්‍රේමය......


දිවා රෑ දෙක හද සමීපයේ
දෑස නොපියා බලා ඉන්නා

දෙයකි සෙනෙහස......
 

භක්ති ප්‍රේමය හෝ
ගෞරවය හෝ
ඒ එකක්වත් නොවේ ප්‍රේමය......

දිවා රෑ දෙක හද සමීපයේ
දෑස නොපියා බලා ඉන්නා
දෙයකි සෙනෙහස.....
.

මොළොක් තෙපුලක්
ලබා ගැන්මට
මුහුණ මත ඇස්මුහුණ මත ඇස්
රදා ඉන්නා
දෙයකි සෙනෙහස
එයයි ප්‍රේමය......



------------------------------------------------------------------

දෙවියන්...
හීන මැව්වෙ ඇයි දන්නවද ?
එයා රාත්‍රිය මැව්ව නිසා.
කුරුල්ලො මැව්වෙ ඇයි දන්නවද ?
මේ ලොකේ ලස්සන කරන්න ඕන නිසා.
මිතුරන් මැව්වෙ ඇයි දන්නවද ?
මිනිස්සුන්ට තනියෙන් ජීවත් වෙන්න බැරි නිසා.
ඔයාට මාවත්, මට ඔයාවත් මැව්වෙ ඇයි දන්නවද ?
අපි දෙන්නට අපි දෙන්න නැතුව ජීවිතයක් නැති නිසා...



---------------------------------------------------------------------------------------------------------------


ආදරය කියන්නේ ....
ඔබ අමතක කරන තරම නොව,
සමාව දෙන තරමය..
සවන් දෙන තරම නොව,
තෙරුම් ගන්නා තරමය..
දකින දේ තරම නොව,
දැනෙන දේ තරමය..
යන්න දෙන තරම නොව,
රදවාගන්නා තරමය.. 



---------------------------------------------------------------------------------------------------------------


සැබෑ මිත්‍රත්වයක ගුණය වන්නේ
සම්පූර්ණ වූ මිතුරන් සෙවීම නොව
අසම්පූර්ණ පුද්ගලයන්ට
ආදරය කිරීමකි...

 

No comments:

Post a Comment