Saturday, May 19, 2012

සමු ගැනීම

දළදා සමිදුට පිදුවේ සුදු මල්
නැවත නො එන්නද අරුණෝදේ
මිතු කැළ සමගින්
සමු අරගෙන
ඇයි සොදුරු කැදැල්ලට
නොකියා ගියේ....

නුඹ නැති දුක
නුඹ සෙවනේ
ඇසේය වියෝසුසුම්
නුඹේ සුවදයි
නුඹේ කුටියේ ඇත්තේ
පිළිරුව හදේ මැවේ...

මා හද දෙවොලේ
පිපි කුසුමයි නුඹ
නුඹත් නොදන්නා
අපිත් නොදන්නා
මොහොතක සුසුමන් පාව ගියේ
සසර පුර සැරි සරන තුරා
අපේම වී අපි ඉමු සුහදේ
අවසන පතනෙමු
ලැබගන්නට
ඒ අජරාමර නිවන් සුවේ...




සසර දුකින් නිවෙන්න

දොළොස් මහේ
පහන වෙන්න
මගේ අදුරු දිවි කතරට
හැමදාමත් එළිය දෙන්න
සමනලියක් වී එන්නම්
පින්බර දෙපතුල් සිබින්න
නැග ජීවිත මහගිරිදඹ
වෙනවා නම් ඔබ
අනුහස පිරි සිරි පතුලක්
දෙදණ නමා මට වදින්න
පතා සසර දුක් නිවෙන්න...

(අ) හිමි වීම

ජීවිතය යනු
අරුමයක්ම වේ.
හිමි වීම තුළ
අහිමි වීමද
අහිමි වීම තුළ
හිමි වීමද වේ...
රුදුරු වේදනාවෙන්
සතුට සැනසුම
අහිමි ව යද්දී
මටම හිමි වූ
ඔබේ ස්නේහය
නිසාම මා,
අද පණ ලැබුවෙමි.

Thursday, May 17, 2012

නුඹ දුරයි


ජීවිතය නුඹ තමයි
ආත්මය නුඹ ළගයි
අහිමි බව දැනෙනමුත්
නුඹ ළගයි සිත කියයි....
සිපගන්න සිතෙන මුත්
නුඹ දුරයි බෝ දුරයි
මිරිගු දිය මුත් මෙමට
සැබෑවක් සේ දැනෙයි.....
අතපොවන මුත් එ සද
සිහිනයක් පමණි නුඹ
අපි ඉතින් බෝ දුරයි
අපි අපට නොම හිමියි......

Be mine ,
I trust and love you

මම ඔයාට තාම ආදරෙයි


මම මහ පොළොව
මගේ දුක දරාගත්තු
හැමදාකම ඔයා
අහස වගේ ඉදන්
මට ගින්දර දුන්න
ඇස් මට්ටමෙන්
කොච්චර දුරක් ගියත්
පේන මානෙක නොහිටියත්
පොළොව අහසට
ආදරේ කරන තරමටම
මාත් ඔයාට ආදරේ කළා.......

පරසතු මල


නපුරුකමේ කිණිහිරෙන්
තලා නොදමන්න මා සිතුවිලි
කලාවක් වී මගේ කවියට
සෙනෙහසක් ගෙන එන්න හිමිහිට
මුලු ලොවට රහසින්
අප දෙදෙන පමණක්ම දන්නා රහස තුළ
විකසිත වේවි
කිසිදා පර නොවන සෙනෙහසේ
පරසතු මල......

ඔබ පායන්න


මේ අහස මුදුනේ අදුර පැතිරුන විට
ඔබ පායා සිටින්න
කලාසපිරි සද ලෙස
මුලු සිත්යායම සිහිලක් කර
දයාවෙන්.......