පොහොය දාටත් ගමේ පන්සල
නිදා වැටෙනව හරි දුකයි
බෝ රුකත්, කලකිරී වාගෙයි
පාළු බුදුගෙට තනි රකියි
බණ මඩුව අසරණ වෙලා
බුදු පිලිමෙ ඇති නෙත් පියා
ගමේ පන්සලේ හිමිගෙ දේශන
කල් ඉකුත් වූ බණ වෙලා
ගමේ අය දැන් සිල් රකින්නේ
රට වටේ පන්සල්වලයි
නිවන් යන්නට පෝලිමෙන් පැන්
අසපුවල පිදවිලි කරයි
ඇසෙන්නේ දැන් සෑම තැනකම
කාලීන බණ පමණමයි
බුදුදහම් පදයක් අසන්නට
තැනක් නැතිකම කරුමයයි
ගමේ පන්සල මතක් වෙන්නේ
මරණයක විපතක තමයි
දානෙ ටිකවත් ලැබෙන හින්දා
සලාකෙට පින් සිද්දවෙයි......

No comments:
Post a Comment