කඩතුරාවෙන් වැසුණු ඔබ රුව
දැකිය නොහැකිය මෙමට දෙවොලේ
එහෙත් මල් හා සුවද දූපද
පුදා අයැදිමි මෙමා එළියේ.....
පැතූ පැතුමන් යැදූ යාදිනි
නොමැත ඔබගේ සවන වැකුණේ
හෙලූ කදුළැලි සිය දහස්වර
නොමැත ඔබගේ දෙනෙත ගැටුණේ......
පිදූ මල්පෙති පරවි වැටිලා
පහන් දූපද දැවී නිවිලා
නමුදු මා හද පුරා සපිරුණු
පැතුම් ඇත ඉටු නොවී පිරිලා......

No comments:
Post a Comment