Wednesday, April 25, 2012

බලාපොරොත්තුව

වියළිව අතු අගිසි
කැකුළු මල් නොපිපුණ
නිහඩයි මද සුළග
සුසුම් පොදි ගැටගසන

පුරපස සද වියැකී
වෑනිල්ලේ අදුර පිරී
දොළ පහරේ මුනුමුනුව
නැති තනුව පටලැවී



නවදැල්ලේ නැගි හීන
මකාගෙන වල් බිහිව
ඉකිගසන පුරන් කෙත්
අලුත් බිජුවට සොයන...

No comments:

Post a Comment