Tuesday, April 24, 2012

ලස්සන දවසක් සොයමි

ඒ දවස උනිමි නම් බුදු හිමි       දකින්නෙමි
පිනිකැට ගෙනැත් සිරිපා යුග    දොවන්නෙමි
අරමක සරන්නෙමි පිරිතක්      පුරන්නෙමි
මල් පෙත්තක්ව සිරිපද අස       නිවෙන්නෙමි

හැල්මේ දුර පියඹා යන විට       අහස
රිදුමක් සිත පිරේ වළකන්නෙද  කෙලෙස
කවද එයිද පතනා ලස්සන         දවස
නිවනින් නිවී, නිවනා සසරේ     පවස

No comments:

Post a Comment