දළදා සමිදුට පිදුවේ සුදු මල්
නැවත නො එන්නද අරුණෝදේ
මිතු කැළ සමගින්
සමු අරගෙන
ඇයි සොදුරු කැදැල්ලට
නොකියා ගියේ....
නුඹ නැති දුක
නුඹ සෙවනේ
ඇසේය වියෝසුසුම්
නුඹේ සුවදයි
නුඹේ කුටියේ ඇත්තේ
පිළිරුව හදේ මැවේ...
මා හද දෙවොලේ
පිපි කුසුමයි නුඹ
නුඹත් නොදන්නා
අපිත් නොදන්නා
මොහොතක සුසුමන් පාව ගියේ
සසර පුර සැරි සරන තුරා
අපේම වී අපි ඉමු සුහදේ
අවසන පතනෙමු
ලැබගන්නට
ඒ අජරාමර නිවන් සුවේ...
Saturday, May 19, 2012
සසර දුකින් නිවෙන්න
දොළොස් මහේ
පහන වෙන්න
මගේ අදුරු දිවි කතරට
හැමදාමත් එළිය දෙන්න
සමනලියක් වී එන්නම්
පින්බර දෙපතුල් සිබින්න
නැග ජීවිත මහගිරිදඹ
වෙනවා නම් ඔබ
අනුහස පිරි සිරි පතුලක්
දෙදණ නමා මට වදින්න
පතා සසර දුක් නිවෙන්න...
පහන වෙන්න
මගේ අදුරු දිවි කතරට
හැමදාමත් එළිය දෙන්න
සමනලියක් වී එන්නම්
පින්බර දෙපතුල් සිබින්න
නැග ජීවිත මහගිරිදඹ
වෙනවා නම් ඔබ
අනුහස පිරි සිරි පතුලක්
දෙදණ නමා මට වදින්න
පතා සසර දුක් නිවෙන්න...
(අ) හිමි වීම
ජීවිතය යනු
අරුමයක්ම වේ.
හිමි වීම තුළ
අහිමි වීමද
අහිමි වීම තුළ
හිමි වීමද වේ...
රුදුරු වේදනාවෙන්
සතුට සැනසුම
අහිමි ව යද්දී
මටම හිමි වූ
ඔබේ ස්නේහය
නිසාම මා,
අද පණ ලැබුවෙමි.
අරුමයක්ම වේ.
හිමි වීම තුළ
අහිමි වීමද
අහිමි වීම තුළ
හිමි වීමද වේ...
රුදුරු වේදනාවෙන්
සතුට සැනසුම
අහිමි ව යද්දී
මටම හිමි වූ
ඔබේ ස්නේහය
නිසාම මා,
අද පණ ලැබුවෙමි.
Thursday, May 17, 2012
නුඹ දුරයි
ජීවිතය නුඹ තමයි
ආත්මය නුඹ ළගයි
අහිමි බව දැනෙනමුත්
නුඹ ළගයි සිත කියයි....
සිපගන්න සිතෙන මුත්
නුඹ දුරයි බෝ දුරයි
මිරිගු දිය මුත් මෙමට
සැබෑවක් සේ දැනෙයි.....
අතපොවන මුත් එ සද
සිහිනයක් පමණි නුඹ
අපි ඉතින් බෝ දුරයි
අපි අපට නොම හිමියි......
Be mine ,
I trust and love you
මම ඔයාට තාම ආදරෙයි
මම මහ පොළොව
මගේ දුක දරාගත්තු
හැමදාකම ඔයා
අහස වගේ ඉදන්
මට ගින්දර දුන්න
ඇස් මට්ටමෙන්
කොච්චර දුරක් ගියත්
පේන මානෙක නොහිටියත්
පොළොව අහසට
ආදරේ කරන තරමටම
මාත් ඔයාට ආදරේ කළා.......
පරසතු මල
නපුරුකමේ කිණිහිරෙන්
තලා නොදමන්න මා සිතුවිලි
කලාවක් වී මගේ කවියට
සෙනෙහසක් ගෙන එන්න හිමිහිට
මුලු ලොවට රහසින්
අප දෙදෙන පමණක්ම දන්නා රහස තුළ
විකසිත වේවි
කිසිදා පර නොවන සෙනෙහසේ
පරසතු මල......
අවසන් සුසුම් පොද
ඔබේ සෙවන ලග මිහිදන් වීමට
සසර පුරා ඔබේ ළගින් හිදින්නට
වරම් ලැබේවා මතු අත් බවයක
දෙනෙත් අතර ඔබ
කදුළු උපන් මට
සැපතකි එය මට
දුකින් හෙලන්නට
අවසන් සුසුම් පොද......
Love a care brings
Happiness in the world....
සසර පුරා ඔබේ ළගින් හිදින්නට
වරම් ලැබේවා මතු අත් බවයක
දෙනෙත් අතර ඔබ
කදුළු උපන් මට
සැපතකි එය මට
දුකින් හෙලන්නට
අවසන් සුසුම් පොද......
Love a care brings
Happiness in the world....
දයාබර විශාකාවිය
අහම්බෙන් වගේ විත්
මා හදට තුරුළු වුන
දයාබර විශාකාවිය නුඹයි....
ආදරෙයි මම නුබට
දිවි පවතින තුරාවටම
එපා මවෙතින් වෙන්ව
වෙනතකට හෙම යන්න
බැරි වේවි විදගන්න
දුක් සුසුම් පොදි ගොන්න....
මා හදට තුරුළු වුන
දයාබර විශාකාවිය නුඹයි....
ආදරෙයි මම නුබට
දිවි පවතින තුරාවටම
එපා මවෙතින් වෙන්ව
වෙනතකට හෙම යන්න
බැරි වේවි විදගන්න
දුක් සුසුම් පොදි ගොන්න....
ඒ ඔබමද
සිහිනෙන් ඇවිත් සිතට ලන්වී
ආදරේ කියූ ඔබම
හැබැවින් ඇවිත් කණට කොදුරා
නික්ම යෑමක් පැවසුවේ....
වස්සාන මීදුමට මගේ ගත
තෙමෙන කොට
කොහොමටවත් බෑ නුඹට
හදවතින් සමුදෙන්න
සීතලට නෙත් පියව
හීනයක් සොයනවිට
මීදුමට කිළිපොළන
කොද මලක් සේ එන්න....
ආදරේ කියූ ඔබම
හැබැවින් ඇවිත් කණට කොදුරා
නික්ම යෑමක් පැවසුවේ....
වස්සාන මීදුමට මගේ ගත
තෙමෙන කොට
කොහොමටවත් බෑ නුඹට
හදවතින් සමුදෙන්න
සීතලට නෙත් පියව
හීනයක් සොයනවිට
මීදුමට කිළිපොළන
කොද මලක් සේ එන්න....
Wednesday, May 16, 2012
වෙසක් දිනය
අතු අග සැලෙන මල් මුමුනයි දහම් පද
බෝ අතු ඉති සැලෙයි මුදු මද පවන වැද
බෝ මලුවට උඩින් පායයි වෙසග සද
ඔබෙ සිත නිවනු මැන අද ඒ අසිරි විද......
බෝ අතු ඉති සැලෙයි මුදු මද පවන වැද
බෝ මලුවට උඩින් පායයි වෙසග සද
ඔබෙ සිත නිවනු මැන අද ඒ අසිරි විද......
ඔබටයි පැතුම
එක ඉත්තක මල් පොකුරක් වෙලා බැතින්
සසරේ පැතූ ලෙස ලන්වී එකට ඉදන්
බුදු හිමි දෙසූ සදහම් ගුණ සිතේ දරන්
පතනෙමි නුබට සෙත් වන්නට වෙසක් සිරින්.....
සසරේ පැතූ ලෙස ලන්වී එකට ඉදන්
බුදු හිමි දෙසූ සදහම් ගුණ සිතේ දරන්
පතනෙමි නුබට සෙත් වන්නට වෙසක් සිරින්.....
පින්බර වෙසග
කරුණා දයා ගුණයෙන් පිරි සමිදුන්ගේ
බුදු ගුණ සුවද පැතිරෙයි සම්බුදු මුහුණේ
තිලොවට තිලක බුදු වූ පින්බර වෙසගේ
මගේ සුබ පැතුම් මේ විලසින් ඔබට ගෙනේ.....
බුදු ගුණ සුවද පැතිරෙයි සම්බුදු මුහුණේ
තිලොවට තිලක බුදු වූ පින්බර වෙසගේ
මගේ සුබ පැතුම් මේ විලසින් ඔබට ගෙනේ.....
මලක සුවද
මලක සුවද රැගෙන එන්න ජීවන ගමනට
හිතට මිහිර අරන් එන්න නොගිහින් දුරකට
සෙවනැල්ලක් ලෙසට ඉන්න මතු වන තනියට
පළදින්නෙමි ඔබේ ගෙලේ ආසිරි මුතු පොට........
හිතට මිහිර අරන් එන්න නොගිහින් දුරකට
සෙවනැල්ලක් ලෙසට ඉන්න මතු වන තනියට
පළදින්නෙමි ඔබේ ගෙලේ ආසිරි මුතු පොට........
Friday, May 11, 2012
පිරිපා පිණිපා
සරා සැකි කප්ලකක්
පෙරුමන් පිරූ සම නිසක්
ගයාවෙහිදි සිරි සිදුහත්
බුදුවුණි පොහෝ දින වෙසක්
අවුරුදු පන්සාලිසක්
නිමකර හැම බුදු කිසක්
වෙසගේ කුසිනාරාවේදි
පිරිනිවියහ දින වෙසක්
හිමි ගුණ කද කර මතක්
පුදමින් කවි මල් වෙසක්
සිරිපා පිණිපා කරනෙමි
මොකටද මට වෙන සැපක්
තුන් සැත්තෑවක් නැන
බල මහිමෙන් අග වුන
ඉදු බල ගුණ කද නිම නැති
හිමියණි දෑරග මිණ
නිම්මා නැති සතහට
අම්මා වැනි සසරට
සම්බුදු හිමියනි සිරිපා
තබන්න මගෙ හිස පිට
සුපිපුන තුන් දිය විල
මහිමිය පිපි එක මල
ඔබ හැර මට පිළිසරණක්
නැත හිමියණි දස බල
ජයසිරිමා බෝ මුල
බිද හැර පස් මරු බල
බුදු වුන මාරජි හිමියණි!
වැද වැටෙනෙමි පා මුල....
පෙරුමන් පිරූ සම නිසක්
ගයාවෙහිදි සිරි සිදුහත්
බුදුවුණි පොහෝ දින වෙසක්
අවුරුදු පන්සාලිසක්
නිමකර හැම බුදු කිසක්
වෙසගේ කුසිනාරාවේදි
පිරිනිවියහ දින වෙසක්
හිමි ගුණ කද කර මතක්
පුදමින් කවි මල් වෙසක්
සිරිපා පිණිපා කරනෙමි
මොකටද මට වෙන සැපක්
තුන් සැත්තෑවක් නැන
බල මහිමෙන් අග වුන
ඉදු බල ගුණ කද නිම නැති
හිමියණි දෑරග මිණ
නිම්මා නැති සතහට
අම්මා වැනි සසරට
සම්බුදු හිමියනි සිරිපා
තබන්න මගෙ හිස පිට
සුපිපුන තුන් දිය විල
මහිමිය පිපි එක මල
ඔබ හැර මට පිළිසරණක්
නැත හිමියණි දස බල
ජයසිරිමා බෝ මුල
බිද හැර පස් මරු බල
බුදු වුන මාරජි හිමියණි!
වැද වැටෙනෙමි පා මුල....
නමදිමි !
තිලොවට සෙත දෙන
ලෝක දිවකර
භගවත් අප මුණි
හිමි සදිනේ....
මොහදුර හරිමින්
පහන් සිතින් සැම
සුවපත් කරනා හිමි සදිනේ....
සසර දුකින් සත
මුදවා ලන්නට
මන් පෑදූ බුදු
හිමිසදිනේ....
දරන බිම නමලා
දොහොත් මුදුන් දී
නමදිමි සම්බුදු
හිමිසදිනේ....
ලෝක දිවකර
භගවත් අප මුණි
හිමි සදිනේ....
මොහදුර හරිමින්
පහන් සිතින් සැම
සුවපත් කරනා හිමි සදිනේ....
සසර දුකින් සත
මුදවා ලන්නට
මන් පෑදූ බුදු
හිමිසදිනේ....
දරන බිම නමලා
දොහොත් මුදුන් දී
නමදිමි සම්බුදු
හිමිසදිනේ....
ප්‍රීති වෙසක්
ඕලු නෙළුම් කුමුදු ගොඩක්
පිපී වැනෙයි නෑර විලක්
අහසෙ අන්න අමුතු සදක්
උදා වෙලා ප්‍රීති වෙසක්
නෑ තරහින් බලන නෙතක්
නෑ සිතිවිලි නරක සිතක්
වියරු අතෙත් මල් පොකුරක්
අදනම් මහ පුදුම දිනක්
නොදුන් අයත් වතුර පොදක්
දෙන හැටි අර දාන වැටක්
බණ මඩුවේ පුන්චි ඉඩක්
නැතුවා අද සෙනග ගොඩක්
අදුරෙ ගිළුනු පුන්චි පැලක්
දල්වන හැටි පහන් සිළක්
"එන්න කන්න බොන්න" හඩක්
හතර වටින් පුදුම වැඩක්
නොමැති අයත් අණක් ගුණක්
සුදු පිළි හැද අසති බණක්
කොයි කාටත් දෙන්න පිනක්
මූදු වෙලා වෙසක් සදක්......
පිපී වැනෙයි නෑර විලක්
අහසෙ අන්න අමුතු සදක්
උදා වෙලා ප්‍රීති වෙසක්
නෑ තරහින් බලන නෙතක්
නෑ සිතිවිලි නරක සිතක්
වියරු අතෙත් මල් පොකුරක්
අදනම් මහ පුදුම දිනක්
නොදුන් අයත් වතුර පොදක්
දෙන හැටි අර දාන වැටක්
බණ මඩුවේ පුන්චි ඉඩක්
නැතුවා අද සෙනග ගොඩක්
අදුරෙ ගිළුනු පුන්චි පැලක්
දල්වන හැටි පහන් සිළක්
"එන්න කන්න බොන්න" හඩක්
හතර වටින් පුදුම වැඩක්
නොමැති අයත් අණක් ගුණක්
සුදු පිළි හැද අසති බණක්
කොයි කාටත් දෙන්න පිනක්
මූදු වෙලා වෙසක් සදක්......
සන්දේශයක්
තෙල් මල් ගෙන
මම වගේම
පල්ලි යන්න සලීම්
ආසයිලු...
කෝවිලේ කපුරු සුවද
සරෝජට දැනෙනවලු
මගේ බුදු පියාණෙනි
අපේ හාමුදුරුවන්ට කියන්න
එයාලටත් ඉඩ ටිකක්
පින් බිමෙන් දෙන්න කියල...
මම වගේම
පල්ලි යන්න සලීම්
ආසයිලු...
කෝවිලේ කපුරු සුවද
සරෝජට දැනෙනවලු
මගේ බුදු පියාණෙනි
අපේ හාමුදුරුවන්ට කියන්න
එයාලටත් ඉඩ ටිකක්
පින් බිමෙන් දෙන්න කියල...
බුදු සුවය
බෝ මළුවේ
පහන් එළිය
තුන් සිත
ඒකාලෝක කරයි....
සුවද දෙමින්
නැගෙන සුවද
මුළු දිවියම
සුවද කරයි....
නෙක නෙක මල්
ගෙනෙන පහැය
දසතම
සුන්දර කරවයි...
බුදු හිමි වැඩ
හිදින මළුව
සුවහස් දන
එතෙර කරයි...
පහන් එළිය
තුන් සිත
ඒකාලෝක කරයි....
සුවද දෙමින්
නැගෙන සුවද
මුළු දිවියම
සුවද කරයි....
නෙක නෙක මල්
ගෙනෙන පහැය
දසතම
සුන්දර කරවයි...
බුදු හිමි වැඩ
හිදින මළුව
සුවහස් දන
එතෙර කරයි...
Thursday, May 3, 2012
ආදරේක තරම...
ආදරේ සැබෑනම් දුකක් නෑ දැනෙන්නේ
ආදරේ කරන අය නොමැත එය නොදන්නේ
එහෙත් සමිදුනේ කුරුසියේ සිට හඩන්නේ
ඇයි කියා ඔබෙන් මොනවටද තව අහන්නේ
දුන්න දුක් වේදනාවන් ඔබට අපමණයි
හඩාවැටුනේ දරාගැනීමට බැරි තැනයි
කළේ ඒ ලෙස ඔබේ ආදරය නොමදැනයි
ජීවිතය පුද දීම ආදරේ සළකුණයි
ආදරේ කරන අය නොමැත එය නොදන්නේ
එහෙත් සමිදුනේ කුරුසියේ සිට හඩන්නේ
ඇයි කියා ඔබෙන් මොනවටද තව අහන්නේ
දුන්න දුක් වේදනාවන් ඔබට අපමණයි
හඩාවැටුනේ දරාගැනීමට බැරි තැනයි
කළේ ඒ ලෙස ඔබේ ආදරය නොමදැනයි
ජීවිතය පුද දීම ආදරේ සළකුණයි
හැමදාම අපි අපේ...
හමුවුණා අපි අපට
අහඹු ලෙස පෙර දිනක
වෙන් වුනා මොහොතකින්
නොදැන අපි අපේ වග...
අද සොදුරු ආදරෙන්
ළoවෙලා අප දෙදෙන
හමුවෙන්න දින නැතුව
ලතවෙනව හැමදාම...
දිවගොසින් අතීතෙට
නැවතිලා එදින තුළ
වෙන් නොවී ඉදිමු අපි
අපි අපේ බව හැදින...
අහඹු ලෙස පෙර දිනක
වෙන් වුනා මොහොතකින්
නොදැන අපි අපේ වග...
අද සොදුරු ආදරෙන්
ළoවෙලා අප දෙදෙන
හමුවෙන්න දින නැතුව
ලතවෙනව හැමදාම...
දිවගොසින් අතීතෙට
නැවතිලා එදින තුළ
වෙන් නොවී ඉදිමු අපි
අපි අපේ බව හැදින...
සසර පෙම...
සoසාරේ පාරමිතා
පුරා සහස් කල්
ඔබ ඉන්නැති මගේ ළගම
දෑත් යුග බැදන්
හමුවන විට ගොළුවන සිත
දොඩමළු වී දැන්
දුර උන්නට මගේ සිතට
දුර නෑ නුඹ නම්...
උප නූපන් හැම භවයක
නුඹේ ලග ඉදන්
සිනා පුරන්නට පෙරුමන්
පුරමි නිබද මo
ඉතින් නුඹට බැදි සෙනෙහස
කොහොම කියමි ම
අනේ දුරින් ඉන්න එපා
මිය ඇදේවි මo ....
පුරා සහස් කල්
ඔබ ඉන්නැති මගේ ළගම
දෑත් යුග බැදන්
හමුවන විට ගොළුවන සිත
දොඩමළු වී දැන්
දුර උන්නට මගේ සිතට
දුර නෑ නුඹ නම්...
උප නූපන් හැම භවයක
නුඹේ ලග ඉදන්
සිනා පුරන්නට පෙරුමන්
පුරමි නිබද මo
ඉතින් නුඹට බැදි සෙනෙහස
කොහොම කියමි ම
අනේ දුරින් ඉන්න එපා
මිය ඇදේවි මo ....
සිහිනයක් වන් ප්‍රේමයක්
පියුම් පෙති මත තුෂර සැලෙනා
නුඹේ නෙතු ලග කදුළු සේ
පහන් එළි නැත සුසුම් දැවෙනා
පෙම් ළතැවුල් අනන්ත අහස සේ
විලක් පාදා මල් පිපෙන්නේ
ලොවට සුවද දී පරව යන්නයි
නෙතක් පාදා පෙනුම දෙන්නේ
මුවා කළ හස කැළුම් විදින්නයි
සිලක් දල්වා පහන් කරන්නේ
අදුරු හාත්පස එකලු කරන්නයි
නිමක් නොවන සද එළිය ගලන්නේ
දිනිසුරු නුඹ ගැබ පිපෙන තුරුයි
නිතින් නොලදත් සෙනෙහෙ පුරන්නේ
ඔබ පළදන පෙම් කිරුළ දරන්නයි
ලෙවන් අප පෙම් කවිය ඉරන්නේ
ආල වඩන දෙහදක අදුර සදන්නයි....
නුඹේ නෙතු ලග කදුළු සේ
පහන් එළි නැත සුසුම් දැවෙනා
පෙම් ළතැවුල් අනන්ත අහස සේ
විලක් පාදා මල් පිපෙන්නේ
ලොවට සුවද දී පරව යන්නයි
නෙතක් පාදා පෙනුම දෙන්නේ
මුවා කළ හස කැළුම් විදින්නයි
සිලක් දල්වා පහන් කරන්නේ
අදුරු හාත්පස එකලු කරන්නයි
නිමක් නොවන සද එළිය ගලන්නේ
දිනිසුරු නුඹ ගැබ පිපෙන තුරුයි
නිතින් නොලදත් සෙනෙහෙ පුරන්නේ
ඔබ පළදන පෙම් කිරුළ දරන්නයි
ලෙවන් අප පෙම් කවිය ඉරන්නේ
ආල වඩන දෙහදක අදුර සදන්නයි....
සෙනෙහස
නෙතක කදුළු
ඇහැරෙන කොට
සිතක සුසුම් පෙම් බැදි කදුළට
හදක පැතුම් අත වනයි සෙනෙහෙට
මලක සුවද අහිමි මා හට
පෙමක මහිම කියා දුන් සිත
දුකක හෙලා ගියා බෝ දුර
සදක සිරිය නොදුටු නෙතු අද
සදක සිරිය කියයි ලොවටම
ආදරේ කියයි නෙතු සලා
සාගරේ සමයි මට ඔයා
ප්‍රේමයේ තරම් කියා දී එදා
සාගරේ කදුළු ඇසට පුද කළා මල්
සුවද සොරාගෙන කාටත් රහසේ
නිල් පැහැය සොරාගෙන මගේ දෑසේ
තොල් සායම් නෑ හැඩවී පෙනුනේ
පෙම් කතා නොමැත ආයෙත් ඇසුනේ....
ඇහැරෙන කොට
සිතක සුසුම් පෙම් බැදි කදුළට
හදක පැතුම් අත වනයි සෙනෙහෙට
මලක සුවද අහිමි මා හට
පෙමක මහිම කියා දුන් සිත
දුකක හෙලා ගියා බෝ දුර
සදක සිරිය නොදුටු නෙතු අද
සදක සිරිය කියයි ලොවටම
ආදරේ කියයි නෙතු සලා
සාගරේ සමයි මට ඔයා
ප්‍රේමයේ තරම් කියා දී එදා
සාගරේ කදුළු ඇසට පුද කළා මල්
සුවද සොරාගෙන කාටත් රහසේ
නිල් පැහැය සොරාගෙන මගේ දෑසේ
තොල් සායම් නෑ හැඩවී පෙනුනේ
පෙම් කතා නොමැත ආයෙත් ඇසුනේ....
Wednesday, May 2, 2012
මා බලාන උන්නා
ඔබ තිතක් වී ඈතට යනතුරු
සිත සිය දහස් වර
මා බලාන උන්නා
මගේ යාළුවන්ටත් මම...
ඔබ ගැන කිව්වා...
ඔබ තිතක් වී මා හද තුළ තවමත්...
ඇයිද මා තවම නොදනී.
ඔබත් දන්නේ නැතුව ඇති...
මේ බවක්...
මම කැළණි සදටත්
ඔබ ගැන කිව්වා...
මා සිත ඉකිබින්දා
අනෝරා වැසි නොවී...
සන්හිද පමුල
පහන් පැලත්
මා දෙස බලාන උන්නා දුකින්......
සිත සිය දහස් වර
මා බලාන උන්නා
මගේ යාළුවන්ටත් මම...
ඔබ ගැන කිව්වා...
ඔබ තිතක් වී මා හද තුළ තවමත්...
ඇයිද මා තවම නොදනී.
ඔබත් දන්නේ නැතුව ඇති...
මේ බවක්...
මම කැළණි සදටත්
ඔබ ගැන කිව්වා...
මා සිත ඉකිබින්දා
අනෝරා වැසි නොවී...
සන්හිද පමුල
පහන් පැලත්
මා දෙස බලාන උන්නා දුකින්......
මහද සරාසද
අදුරු සෙවනැලි අතර
සැගවිලා තනිව මo
බලනවා තවම මග
හැගෙනවා නොවෙද එය
මගෙ සරාසද නුඹට....
තරු නෙතුත් නිදන රැය
ඇහැරිලා මගේ නෙත්
මිහිදුමේ සළු අතර
සොයනවා නුඹේ රුව
මැවෙනවා විටෙක මට
දන්නවා නොවෙද නුඹ....
හිත හඩා වැලපිලා
නුඹ නොමැති පාළුවට
නෙතුත් මගෙ පියවිලා
සොයයි නුඹෙ සුවද පොද
රෑ ගනන් ඇහැරිලා
මිමිනෙව්වා සයන මත
දැනී නොදැනී ළගම
දැනෙනවා නොවෙද එය....
අලුත උපන් කිරි කැටියා
දිවි මග නොදැනෙනා බර මා ලද අතර
දහසක් පැතුම් ඇති හද කොනකය අමර
සෙනෙහෙ බර පියෙකි පුත නුඹ ලද මෙවර
මව් කුස දා පටන් පතනෙමි නුඹ සසර
මොලකැටි පුතකු ලද විගසින් සතුටු උනා
යහළු මිතුරු කැළ සමගින් ප්‍රීති උනා
අනාගතය ගැන සුබ පෙර නිමිති දැනා
පුත මා ලද මැණික නුඹමයි මව්ගෙ සිනා
කුළුදුළ උපන් පොඩි පුතු, මා තුරුළු කරන්
හද පිරි සෙනෙහෙ නුඹ හට නොඅඩුව බෙදමින්
අම්මා සමග හුරතලයට සිනා වෙමින්
ලෝකය බබළවන පහනක් වෙන්න ඉතින්
දහසක් පැතුම් ඇති හද කොනකය අමර
සෙනෙහෙ බර පියෙකි පුත නුඹ ලද මෙවර
මව් කුස දා පටන් පතනෙමි නුඹ සසර
මොලකැටි පුතකු ලද විගසින් සතුටු උනා
යහළු මිතුරු කැළ සමගින් ප්‍රීති උනා
අනාගතය ගැන සුබ පෙර නිමිති දැනා
පුත මා ලද මැණික නුඹමයි මව්ගෙ සිනා
කුළුදුළ උපන් පොඩි පුතු, මා තුරුළු කරන්
හද පිරි සෙනෙහෙ නුඹ හට නොඅඩුව බෙදමින්
අම්මා සමග හුරතලයට සිනා වෙමින්
ලෝකය බබළවන පහනක් වෙන්න ඉතින්
Monday, April 30, 2012
පැතුම්
කඩතුරාවෙන් වැසුණු ඔබ රුව
දැකිය නොහැකිය මෙමට දෙවොලේ
එහෙත් මල් හා සුවද දූපද
පුදා අයැදිමි මෙමා එළියේ.....
පැතූ පැතුමන් යැදූ යාදිනි
නොමැත ඔබගේ සවන වැකුණේ
හෙලූ කදුළැලි සිය දහස්වර
නොමැත ඔබගේ දෙනෙත ගැටුණේ......
පිදූ මල්පෙති පරවි වැටිලා
පහන් දූපද දැවී නිවිලා
නමුදු මා හද පුරා සපිරුණු
පැතුම් ඇත ඉටු නොවී පිරිලා......
දැකිය නොහැකිය මෙමට දෙවොලේ
එහෙත් මල් හා සුවද දූපද
පුදා අයැදිමි මෙමා එළියේ.....
පැතූ පැතුමන් යැදූ යාදිනි
නොමැත ඔබගේ සවන වැකුණේ
හෙලූ කදුළැලි සිය දහස්වර
නොමැත ඔබගේ දෙනෙත ගැටුණේ......
පිදූ මල්පෙති පරවි වැටිලා
පහන් දූපද දැවී නිවිලා
නමුදු මා හද පුරා සපිරුණු
පැතුම් ඇත ඉටු නොවී පිරිලා......
Wednesday, April 25, 2012
උසස් පෙළ
දෙවසරක් පුරා වින්ද දුක් අපමණය
හෝරා තුනකි ඇත්තේ ඉගෙන්ගත් දෑ ලියන්නට
එහෙත් විභාගය අමාරුනම්
නැවත දුශ්කරක්‍රියා කිරීමට
කාලය එලඹ ඇත
දුවමු අපි සැම
නැවත ටියුෂන් පුනරීක්ෂණ කරන්නට.........
---------------------------------------------------------------------------------------------------------------
කුල්ලෙන් පෙළු පසු ඉතිරි වූ
පෙනෙහෙරයෙන් හැලූ පසු
බිමට වැටුනු
අතීතය අනාගතයට
උගස් කළ
රැකියාවකට ඇති එකම දොරටුව
උසස් පෙළයි.......
හෝරා තුනකි ඇත්තේ ඉගෙන්ගත් දෑ ලියන්නට
එහෙත් විභාගය අමාරුනම්
නැවත දුශ්කරක්‍රියා කිරීමට
කාලය එලඹ ඇත
දුවමු අපි සැම
නැවත ටියුෂන් පුනරීක්ෂණ කරන්නට.........
---------------------------------------------------------------------------------------------------------------
කුල්ලෙන් පෙළු පසු ඉතිරි වූ
පෙනෙහෙරයෙන් හැලූ පසු
බිමට වැටුනු
අතීතය අනාගතයට
උගස් කළ
රැකියාවකට ඇති එකම දොරටුව
උසස් පෙළයි.......
බණ මඩුව අසරණ වෙලා
පොහොය දාටත් ගමේ පන්සල
නිදා වැටෙනව හරි දුකයි
බෝ රුකත්, කලකිරී වාගෙයි
පාළු බුදුගෙට තනි රකියි
බණ මඩුව අසරණ වෙලා
බුදු පිලිමෙ ඇති නෙත් පියා
ගමේ පන්සලේ හිමිගෙ දේශන
කල් ඉකුත් වූ බණ වෙලා
ගමේ අය දැන් සිල් රකින්නේ
රට වටේ පන්සල්වලයි
නිවන් යන්නට පෝලිමෙන් පැන්
අසපුවල පිදවිලි කරයි
ඇසෙන්නේ දැන් සෑම තැනකම
කාලීන බණ පමණමයි
බුදුදහම් පදයක් අසන්නට
තැනක් නැතිකම කරුමයයි
ගමේ පන්සල මතක් වෙන්නේ
මරණයක විපතක තමයි
දානෙ ටිකවත් ලැබෙන හින්දා
සලාකෙට පින් සිද්දවෙයි......
නිදා වැටෙනව හරි දුකයි
බෝ රුකත්, කලකිරී වාගෙයි
පාළු බුදුගෙට තනි රකියි
බණ මඩුව අසරණ වෙලා
බුදු පිලිමෙ ඇති නෙත් පියා
ගමේ පන්සලේ හිමිගෙ දේශන
කල් ඉකුත් වූ බණ වෙලා
ගමේ අය දැන් සිල් රකින්නේ
රට වටේ පන්සල්වලයි
නිවන් යන්නට පෝලිමෙන් පැන්
අසපුවල පිදවිලි කරයි
ඇසෙන්නේ දැන් සෑම තැනකම
කාලීන බණ පමණමයි
බුදුදහම් පදයක් අසන්නට
තැනක් නැතිකම කරුමයයි
ගමේ පන්සල මතක් වෙන්නේ
මරණයක විපතක තමයි
දානෙ ටිකවත් ලැබෙන හින්දා
සලාකෙට පින් සිද්දවෙයි......
බලාපොරොත්තුව
වියළිව අතු අගිසි
කැකුළු මල් නොපිපුණ
නිහඩයි මද සුළග
සුසුම් පොදි ගැටගසන
පුරපස සද වියැකී
වෑනිල්ලේ අදුර පිරී
දොළ පහරේ මුනුමුනුව
නැති තනුව පටලැවී
නවදැල්ලේ නැගි හීන
මකාගෙන වල් බිහිව
ඉකිගසන පුරන් කෙත්
අලුත් බිජුවට සොයන...
කැකුළු මල් නොපිපුණ
නිහඩයි මද සුළග
සුසුම් පොදි ගැටගසන
පුරපස සද වියැකී
වෑනිල්ලේ අදුර පිරී
දොළ පහරේ මුනුමුනුව
නැති තනුව පටලැවී
නවදැල්ලේ නැගි හීන
මකාගෙන වල් බිහිව
ඉකිගසන පුරන් කෙත්
අලුත් බිජුවට සොයන...
Tuesday, April 24, 2012
සීමා සහිත මානව ප්‍රේමය
නිති අප තෙමා
ගලා හැලුනා
ඔබේ මුදු ගුණ
දයා - කරුණා
ඔබ අහස වී
අප පොළොව වී
ඔබ පොහොසත්ව
අප දුප්පත්ව !
බොහෝ ඈතින් සිටිද්දී
කාලය ගෙවී
පොලොව අහසට
කෙමෙන් ළගා වී
ඔබ - අප අතරට
පරතරය අඩු වී
බඩ ගගා - දණ ගගා
සිටි අප
ඇවිදින්නට වෙර දරත්දී
සසල වුනි දෝ
ඔබේ මානය !
ඉතින් සිතුනිද ?
ගුත්තිල ට මෙන්
දැන් මට සමානය
ඔබේ නෙත්වල පිරෙන්නේ
අප තෙමා දැන් ගිලෙන්නේ
නිමාවක් නැති
ඊර්ෂ්‍යාවය......
ගලා හැලුනා
ඔබේ මුදු ගුණ
දයා - කරුණා
ඔබ අහස වී
අප පොළොව වී
ඔබ පොහොසත්ව
අප දුප්පත්ව !
බොහෝ ඈතින් සිටිද්දී
කාලය ගෙවී
පොලොව අහසට
කෙමෙන් ළගා වී
ඔබ - අප අතරට
පරතරය අඩු වී
බඩ ගගා - දණ ගගා
සිටි අප
ඇවිදින්නට වෙර දරත්දී
සසල වුනි දෝ
ඔබේ මානය !
ඉතින් සිතුනිද ?
ගුත්තිල ට මෙන්
දැන් මට සමානය
ඔබේ නෙත්වල පිරෙන්නේ
අප තෙමා දැන් ගිලෙන්නේ
නිමාවක් නැති
ඊර්ෂ්‍යාවය......
සොදුරුද මෙතරම්
පාෂයෙන් මා බැද තබයි
සුමුදු මල් මකරන්ද හසරැල්ල
රහසින් දෙසවනේ පැටලෙයි
සිත යට උනුසුම්ම කෙදිරිල්ල
තුරු විටප අතරින් හමන
සුළගේ ඇයිද මේ දැගලිල්ල
තොලේ රතු රෝස පෙති මතට
හැලේ ලා පාට අව් රැල්ල
මේ රමණීය හරිත මිටියාවතේ
සුමුදු මල් මකරන්ද හසරැල්ල
රහසින් දෙසවනේ පැටලෙයි
සිත යට උනුසුම්ම කෙදිරිල්ල
තුරු විටප අතරින් හමන
සුළගේ ඇයිද මේ දැගලිල්ල
තොලේ රතු රෝස පෙති මතට
හැලේ ලා පාට අව් රැල්ල
මේ රමණීය හරිත මිටියාවතේ
කිරි සුවදක්
![]() |
වලාවෙන් වැසී තිබූ පැල
යළිත් එළිය වී කුසුමක
සුවද එයි ගලා.....
කැකුලු මලක් කිරි සුවදැති
තබා අත්ල මත ම'බිරිද
සෙමෙන් කොදුරනා නැළවිලි
ගීතයක් ඇසේ......
පියා තදින් නෙතු සගලම
ඇගේ වුවන අබියස සිට
පියඹමි අතීතයේ දුර
ඉසව්වක් සොයා......
අදින් එකුන් තිස් වසරක
පෙරාතුව දැනුනු පුසුඹක්
අදත් මගෙත් නැහැපුඩු ළග
දැවටෙමින් සිටී......
ලස්සන දවසක් සොයමි
ඒ දවස උනිමි නම් බුදු හිමි දකින්නෙමි
පිනිකැට ගෙනැත් සිරිපා යුග දොවන්නෙමි
අරමක සරන්නෙමි පිරිතක් පුරන්නෙමි
මල් පෙත්තක්ව සිරිපද අස නිවෙන්නෙමි
හැල්මේ දුර පියඹා යන විට අහස
රිදුමක් සිත පිරේ වළකන්නෙද කෙලෙස
කවද එයිද පතනා ලස්සන දවස
නිවනින් නිවී, නිවනා සසරේ පවස
පිනිකැට ගෙනැත් සිරිපා යුග දොවන්නෙමි
අරමක සරන්නෙමි පිරිතක් පුරන්නෙමි
මල් පෙත්තක්ව සිරිපද අස නිවෙන්නෙමි
හැල්මේ දුර පියඹා යන විට අහස
රිදුමක් සිත පිරේ වළකන්නෙද කෙලෙස
කවද එයිද පතනා ලස්සන දවස
නිවනින් නිවී, නිවනා සසරේ පවස
ජීවිතයට යමක්
ආදරය වේදනාවේ උල්පතයි
ආත්මාර්ථයෙන් තොර ආදරයක්
ඇත්තේ මවක් ළග පමණි
මේ දේවල් හොදට මතක තියාගෙන
ජීවිතයේ ඉදිරි ගමන
හොදින් සාර්ථක කරගන්න
අපේ ජීවිතයේ වරදින තැන් ගොඩක්වැඩී
ආත්මාර්ථයෙන් තොර ආදරයක්
ඇත්තේ මවක් ළග පමණි
මේ දේවල් හොදට මතක තියාගෙන
ජීවිතයේ ඉදිරි ගමන
හොදින් සාර්ථක කරගන්න
අපේ ජීවිතයේ වරදින තැන් ගොඩක්වැඩී
Sunday, April 22, 2012
සැබෑ මිතුදම
මිතුරන් පූර්ණ තරගකාරී වෙළදපලක් වැනිය....
මන්ද ඔවුන් විශාල පිරිසක් සිටින බැවිනි....
අබාද පිවිසුමක් හා පිටවුමක් ඇත....
එනමුත් සැබෑ මිතුරන් ඒකාධිකාරි හෝ කතිපයාධිකාරී වෙළදපලක් වැනිය....
මන්ද එවැනි අය සිටින්නේ එක් අයකු හෝ අතලොස්සක් පමණි....
--------------------------------------------------------------------------------------------------------------
මිතුරන්ගේ වටිනාකම
මැනිය නොහැකිය
දැනෙනවා පමණකි......
--------------------------------------------------------------------------------------------------------------
මිත්‍රත්වය වූ කලී ,
පොරොන්දුවකි..
හදවතෙහි ඇතිවන්නා වූ
නිහඩව..
ලිඛිත නොවී..
දුරස් වූවාට බිද නොවැටෙන
කල් ගත වූවාට වෙනස් නොවන
සදාකාලික සුරකිව ඇති දෙයකි....
--------------------------------------------------------------------------------------------------------------
සැබෑ මිත්‍රත්වයක ගුණය වන්නේ
සම්පූර්ණ වූ මිතුරන් සෙවීම නොව
අසම්පූර්ණ පුද්ගලයන්ට
ආදරය කිරීමකි...
--------------------------------------------------------------------------------------------------------------
දෙවියන් හදවතේ වටිනාකම දන්නා නිසා
ඔහු විසින් ආදරය මවන ලදී..
දෙවියන් විසින් රත්‍රියේ වටිනාකම දන්නා නිසා
ඔහු විසින් සිහිනය මවන ලදී..
දෙවියන් මිතුදමේ වටිනාකම දන්නා නිසා
ඔහු විසින් ඔබව මවන ලදී..
මන්ද ඔවුන් විශාල පිරිසක් සිටින බැවිනි....
අබාද පිවිසුමක් හා පිටවුමක් ඇත....
එනමුත් සැබෑ මිතුරන් ඒකාධිකාරි හෝ කතිපයාධිකාරී වෙළදපලක් වැනිය....
මන්ද එවැනි අය සිටින්නේ එක් අයකු හෝ අතලොස්සක් පමණි....
--------------------------------------------------------------------------------------------------------------
මිතුරන්ගේ වටිනාකම
මැනිය නොහැකිය
දැනෙනවා පමණකි......
--------------------------------------------------------------------------------------------------------------
මිත්‍රත්වය වූ කලී ,
පොරොන්දුවකි..
හදවතෙහි ඇතිවන්නා වූ
නිහඩව..
ලිඛිත නොවී..
දුරස් වූවාට බිද නොවැටෙන
කල් ගත වූවාට වෙනස් නොවන
සදාකාලික සුරකිව ඇති දෙයකි....
--------------------------------------------------------------------------------------------------------------
සැබෑ මිත්‍රත්වයක ගුණය වන්නේ
සම්පූර්ණ වූ මිතුරන් සෙවීම නොව
අසම්පූර්ණ පුද්ගලයන්ට
ආදරය කිරීමකි...
--------------------------------------------------------------------------------------------------------------
දෙවියන් හදවතේ වටිනාකම දන්නා නිසා
ඔහු විසින් ආදරය මවන ලදී..
දෙවියන් විසින් රත්‍රියේ වටිනාකම දන්නා නිසා
ඔහු විසින් සිහිනය මවන ලදී..
දෙවියන් මිතුදමේ වටිනාකම දන්නා නිසා
ඔහු විසින් ඔබව මවන ලදී..
වෙසක් ආසිරි
පුන්පෝදාට මල් අරගෙන දොතටම..
සිහිකර නුඹව බුදුසමිදුන් පුදමි මම..
වෙසග දිනේ සිත මෙත් මල් පිපෙන්නට..
පතනෙමි නුඹට සබැදියෙ තෙරුවන් සරණ..
-------------------------------------------------------------------
ඔබ ගැන ළබැදි සිතිවිලි හදවතට එන
තුරුලට අරන් මට ඇති ආදරය දැන
පිබිදුණ රෝස රතුමල් දෙක අතට ගෙන
පන්සල වෙතට යමි ගල් පඩි මතට නැග
සිහිකර නුඹව බුදුසමිදුන් පුදමි මම..
වෙසග දිනේ සිත මෙත් මල් පිපෙන්නට..
පතනෙමි නුඹට සබැදියෙ තෙරුවන් සරණ..
-------------------------------------------------------------------
ඔබ ගැන ළබැදි සිතිවිලි හදවතට එන
තුරුලට අරන් මට ඇති ආදරය දැන
පිබිදුණ රෝස රතුමල් දෙක අතට ගෙන
පන්සල වෙතට යමි ගල් පඩි මතට නැග
ප්‍රේමය
![]() |
මහමෙර මෙන් ශක්තිමත්ය.
මහ සමුදුර පත්ල මෙන් ගැඹුරුය.
අවකාශය මෙන් සුවිශාල ය.
-----------------------------------------------------------------------------------------------------------------
![]() |
ගෞරවය හෝ
ඒ එකක්වත් නොවේ ප්‍රේමය......
දිවා රෑ දෙක හද සමීපයේ
දෑස නොපියා බලා ඉන්නා
දෙයකි සෙනෙහස......
භක්ති ප්‍රේමය හෝ
ගෞරවය හෝ
ඒ එකක්වත් නොවේ ප්‍රේමය......
දිවා රෑ දෙක හද සමීපයේ
දෑස නොපියා බලා ඉන්නා
දෙයකි සෙනෙහස......
මොළොක් තෙපුලක්
ලබා ගැන්මට
මුහුණ මත ඇස්මුහුණ මත ඇස්
රදා ඉන්නා
දෙයකි සෙනෙහස
එයයි ප්‍රේමය......
------------------------------------------------------------------
දෙවියන්...
හීන මැව්වෙ ඇයි දන්නවද ?
එයා රාත්‍රිය මැව්ව නිසා.
කුරුල්ලො මැව්වෙ ඇයි දන්නවද ?
මේ ලොකේ ලස්සන කරන්න ඕන නිසා.
මිතුරන් මැව්වෙ ඇයි දන්නවද ?
මිනිස්සුන්ට තනියෙන් ජීවත් වෙන්න බැරි නිසා.
ඔයාට මාවත්, මට ඔයාවත් මැව්වෙ ඇයි දන්නවද ?
අපි දෙන්නට අපි දෙන්න නැතුව ජීවිතයක් නැති නිසා...
---------------------------------------------------------------------------------------------------------------
ආදරය කියන්නේ ....
ඔබ අමතක කරන තරම නොව,
සමාව දෙන තරමය..
සවන් දෙන තරම නොව,
තෙරුම් ගන්නා තරමය..
දකින දේ තරම නොව,
දැනෙන දේ තරමය..
යන්න දෙන තරම නොව,
රදවාගන්නා තරමය..
---------------------------------------------------------------------------------------------------------------
සැබෑ මිත්‍රත්වයක ගුණය වන්නේ
සම්පූර්ණ වූ මිතුරන් සෙවීම නොව
අසම්පූර්ණ පුද්ගලයන්ට
ආදරය කිරීමකි...
Subscribe to:
Posts (Atom)















































