දිවි මග නොදැනෙනා බර මා ලද අතර
දහසක් පැතුම් ඇති හද කොනකය අමර
සෙනෙහෙ බර පියෙකි පුත නුඹ ලද මෙවර
මව් කුස දා පටන් පතනෙමි නුඹ සසර
මොලකැටි පුතකු ලද විගසින් සතුටු උනා
යහළු මිතුරු කැළ සමගින් ප්‍රීති උනා
අනාගතය ගැන සුබ පෙර නිමිති දැනා
පුත මා ලද මැණික නුඹමයි මව්ගෙ සිනා
කුළුදුළ උපන් පොඩි පුතු, මා තුරුළු කරන්
හද පිරි සෙනෙහෙ නුඹ හට නොඅඩුව බෙදමින්
අම්මා සමග හුරතලයට සිනා වෙමින්
ලෝකය බබළවන පහනක් වෙන්න ඉතින්

No comments:
Post a Comment