Saturday, May 19, 2012

සමු ගැනීම

දළදා සමිදුට පිදුවේ සුදු මල්
නැවත නො එන්නද අරුණෝදේ
මිතු කැළ සමගින්
සමු අරගෙන
ඇයි සොදුරු කැදැල්ලට
නොකියා ගියේ....

නුඹ නැති දුක
නුඹ සෙවනේ
ඇසේය වියෝසුසුම්
නුඹේ සුවදයි
නුඹේ කුටියේ ඇත්තේ
පිළිරුව හදේ මැවේ...

මා හද දෙවොලේ
පිපි කුසුමයි නුඹ
නුඹත් නොදන්නා
අපිත් නොදන්නා
මොහොතක සුසුමන් පාව ගියේ
සසර පුර සැරි සරන තුරා
අපේම වී අපි ඉමු සුහදේ
අවසන පතනෙමු
ලැබගන්නට
ඒ අජරාමර නිවන් සුවේ...




සසර දුකින් නිවෙන්න

දොළොස් මහේ
පහන වෙන්න
මගේ අදුරු දිවි කතරට
හැමදාමත් එළිය දෙන්න
සමනලියක් වී එන්නම්
පින්බර දෙපතුල් සිබින්න
නැග ජීවිත මහගිරිදඹ
වෙනවා නම් ඔබ
අනුහස පිරි සිරි පතුලක්
දෙදණ නමා මට වදින්න
පතා සසර දුක් නිවෙන්න...

(අ) හිමි වීම

ජීවිතය යනු
අරුමයක්ම වේ.
හිමි වීම තුළ
අහිමි වීමද
අහිමි වීම තුළ
හිමි වීමද වේ...
රුදුරු වේදනාවෙන්
සතුට සැනසුම
අහිමි ව යද්දී
මටම හිමි වූ
ඔබේ ස්නේහය
නිසාම මා,
අද පණ ලැබුවෙමි.

Thursday, May 17, 2012

නුඹ දුරයි


ජීවිතය නුඹ තමයි
ආත්මය නුඹ ළගයි
අහිමි බව දැනෙනමුත්
නුඹ ළගයි සිත කියයි....
සිපගන්න සිතෙන මුත්
නුඹ දුරයි බෝ දුරයි
මිරිගු දිය මුත් මෙමට
සැබෑවක් සේ දැනෙයි.....
අතපොවන මුත් එ සද
සිහිනයක් පමණි නුඹ
අපි ඉතින් බෝ දුරයි
අපි අපට නොම හිමියි......

Be mine ,
I trust and love you

මම ඔයාට තාම ආදරෙයි


මම මහ පොළොව
මගේ දුක දරාගත්තු
හැමදාකම ඔයා
අහස වගේ ඉදන්
මට ගින්දර දුන්න
ඇස් මට්ටමෙන්
කොච්චර දුරක් ගියත්
පේන මානෙක නොහිටියත්
පොළොව අහසට
ආදරේ කරන තරමටම
මාත් ඔයාට ආදරේ කළා.......

පරසතු මල


නපුරුකමේ කිණිහිරෙන්
තලා නොදමන්න මා සිතුවිලි
කලාවක් වී මගේ කවියට
සෙනෙහසක් ගෙන එන්න හිමිහිට
මුලු ලොවට රහසින්
අප දෙදෙන පමණක්ම දන්නා රහස තුළ
විකසිත වේවි
කිසිදා පර නොවන සෙනෙහසේ
පරසතු මල......

ඔබ පායන්න


මේ අහස මුදුනේ අදුර පැතිරුන විට
ඔබ පායා සිටින්න
කලාසපිරි සද ලෙස
මුලු සිත්යායම සිහිලක් කර
දයාවෙන්.......

අවසන් සුසුම් පොද

ඔබේ සෙවන ලග මිහිදන් වීමට
සසර පුරා ඔබේ ළගින් හිදින්නට
වරම් ලැබේවා මතු අත් බවයක
දෙනෙත් අතර ඔබ
කදුළු උපන් මට
සැපතකි එය මට
දුකින් හෙලන්නට
අවසන් සුසුම් පොද......

Love a care brings
Happiness in the world....

දයාබර විශාකාවිය

අහම්බෙන් වගේ විත්
මා හදට තුරුළු වුන
දයාබර විශාකාවිය නුඹයි....

ආදරෙයි මම නුබට
දිවි පවතින තුරාවටම
එපා මවෙතින් වෙන්ව
වෙනතකට හෙම යන්න
බැරි වේවි විදගන්න
දුක් සුසුම් පොදි ගොන්න....

ඒ ඔබමද

සිහිනෙන් ඇවිත් සිතට ලන්වී
ආදරේ කියූ ඔබම
හැබැවින් ඇවිත් කණට කොදුරා
නික්ම යෑමක් පැවසුවේ....

වස්සාන මීදුමට මගේ ගත
තෙමෙන කොට
කොහොමටවත් බෑ නුඹට
හදවතින් සමුදෙන්න
සීතලට නෙත් පියව
හීනයක් සොයනවිට
මීදුමට කිළිපොළන
කොද මලක් සේ එන්න....

Wednesday, May 16, 2012

වෙසක් දිනය

අතු අග සැලෙන මල් මුමුනයි දහම් පද
බෝ අතු ඉති සැලෙයි මුදු මද පවන වැද
බෝ මලුවට උඩින් පායයි වෙසග සද
ඔබෙ සිත නිවනු මැන අද ඒ අසිරි විද......

ඔබටයි පැතුම

එක ඉත්තක මල් පොකුරක් වෙලා බැතින්
සසරේ පැතූ ලෙස ලන්වී එකට ඉදන්
බුදු හිමි දෙසූ සදහම් ගුණ සිතේ දරන්
පතනෙමි නුබට සෙත් වන්නට වෙසක් සිරින්.....

පින්බර වෙසග

කරුණා දයා ගුණයෙන් පිරි සමිදුන්ගේ
බුදු ගුණ සුවද පැතිරෙයි සම්බුදු මුහුණේ
තිලොවට තිලක බුදු වූ පින්බර වෙසගේ
මගේ සුබ පැතුම් මේ විලසින් ඔබට ගෙනේ.....

මලක සුවද

මලක සුවද රැගෙන එන්න ජීවන ගමනට
හිතට මිහිර අරන් එන්න නොගිහින් දුරකට
සෙවනැල්ලක් ලෙසට ඉන්න මතු වන තනියට
පළදින්නෙමි ඔබේ ගෙලේ ආසිරි මුතු පොට
........

Friday, May 11, 2012

පිරිපා පිණිපා

සරා සැකි කප්ලකක්
පෙරුමන් පිරූ සම නිසක්
ගයාවෙහිදි සිරි සිදුහත්
බුදුවුණි පොහෝ දින වෙසක්

අවුරුදු පන්සාලිසක්
නිමකර හැම බුදු කිසක්
වෙසගේ කුසිනාරාවේදි
පිරිනිවියහ දින වෙසක්

හිමි ගුණ කද කර මතක්
පුදමින් කවි මල් වෙසක්
සිරිපා පිණිපා කරනෙමි
මොකටද මට වෙන සැපක්

තුන් සැත්තෑවක් නැන
බල මහිමෙන් අග වුන
ඉදු බල ගුණ කද නිම නැති
හිමියණි දෑරග මිණ

නිම්මා නැති සතහට
අම්මා වැනි සසරට
සම්බුදු හිමියනි සිරිපා
තබන්න මගෙ හිස පිට



සුපිපුන තුන් දිය විල
මහිමිය පිපි එක මල
ඔබ හැර මට පිළිසරණක්
නැත හිමියණි දස බල

ජයසිරිමා බෝ මුල
බිද හැර පස් මරු බල
බුදු වුන මාරජි හිමියණි!
වැද වැටෙනෙමි පා මුල....

නමදිමි !


තිලොවට සෙත දෙන
ලෝක දිවකර
භගවත් අප මුණි
හිමි සදිනේ....
මොහදුර හරිමින්
පහන් සිතින් සැම
සුවපත් කරනා හිමි සදිනේ....
සසර දුකින් සත
මුදවා ලන්නට
මන් පෑදූ බුදු
හිමිසදිනේ....
දරන බිම නමලා
දොහොත් මුදුන් දී
නමදිමි සම්බුදු
හිමිසදිනේ....

ප්‍රීති වෙසක්

ඕලු නෙළුම් කුමුදු ගොඩක්
පිපී වැනෙයි නෑර විලක්
අහසෙ අන්න අමුතු සදක්
උදා වෙලා ප්‍රීති වෙසක්

නෑ තරහින් බලන නෙතක්
නෑ සිතිවිලි නරක සිතක්
වියරු අතෙත් මල් පොකුරක්
අදනම් මහ පුදුම දිනක්

නොදුන් අයත් වතුර පොදක්
දෙන හැටි අර දාන වැටක්
බණ මඩුවේ පුන්චි ඉඩක්
නැතුවා අද සෙනග ගොඩක්

අදුරෙ ගිළුනු පුන්චි පැලක්
දල්වන හැටි පහන් සිළක්
"එන්න කන්න බොන්න" හඩක්
හතර වටින් පුදුම වැඩක්

නොමැති අයත් අණක් ගුණක්
සුදු පිළි හැද අසති බණක්
කොයි කාටත් දෙන්න පිනක්
මූදු වෙලා වෙසක් සදක්......

සන්දේශයක්

තෙල් මල් ගෙන
මම වගේම
පල්ලි යන්න සලීම්
ආසයිලු...
කෝවිලේ කපුරු සුවද
සරෝජට දැනෙනවලු
මගේ බුදු පියාණෙනි
අපේ හාමුදුරුවන්ට කියන්න
එයාලටත් ඉඩ ටිකක්
පින් බිමෙන් දෙන්න කියල...

බුදු සුවය

බෝ මළුවේ
පහන් එළිය
තුන් සිත
ඒකාලෝක කරයි....

සුවද දෙමින්
නැගෙන සුවද
මුළු දිවියම
සුවද කරයි....

නෙක නෙක මල්
ගෙනෙන පහැය
දසතම
සුන්දර කරවයි...

බුදු හිමි වැඩ
හිදින මළුව
සුවහස් දන
එතෙර කරයි...

Thursday, May 3, 2012

ආදරේක තරම...

ආදරේ සැබෑනම් දුකක් නෑ              දැනෙන්නේ
ආදරේ කරන අය නොමැත එය       නොදන්නේ
එහෙත්  සමිදුනේ කුරුසියේ සිට      හඩන්නේ
ඇයි කියා ඔබෙන් මොනවටද තව   අහන්නේ

දුන්න දුක් වේදනාවන් ඔබට         අපමණයි
හඩාවැටුනේ දරාගැනීමට බැරි      තැනයි
කළේ ඒ ලෙස ඔබේ ආදරය         නොමදැනයි
ජීවිතය පුද දීම ආදරේ                  සළකුණයි

හැමදාම අපි අපේ...

හමුවුණා අපි අපට
අහඹු ලෙස පෙර දිනක
වෙන් වුනා මොහොතකින්
නොදැන අපි අපේ වග...

අද සොදුරු ආදරෙන්
ළoවෙලා අප දෙදෙන
හමුවෙන්න දින නැතුව
ලතවෙනව හැමදාම...



දිවගොසින් අතීතෙට
නැවතිලා එදින තුළ
වෙන් නොවී ඉදිමු අපි
අපි අපේ බව හැදින...

සසර පෙම...

සoසාරේ පාරමිතා
පුරා සහස් කල්
ඔබ ඉන්නැති මගේ ළගම
දෑත් යුග බැදන්
හමුවන විට ගොළුවන සිත
දොඩමළු වී දැන්
දුර උන්නට මගේ සිතට
දුර නෑ නුඹ නම්...


උප නූපන් හැම භවයක
නුඹේ ලග ඉදන්
සිනා පුරන්නට පෙරුමන්
පුරමි නිබද මo
ඉතින් නුඹට බැදි සෙනෙහස
කොහොම කියමි ම
අනේ දුරින් ඉන්න එපා
මිය ඇදේවි මo ....

සිහිනයක් වන් ප්‍රේමයක්

පියුම් පෙති මත තුෂර සැලෙනා
නුඹේ නෙතු ලග කදුළු සේ
පහන් එළි නැත සුසුම් දැවෙනා
පෙම් ළතැවුල් අනන්ත අහස සේ

විලක් පාදා මල් පිපෙන්නේ
ලොවට සුවද දී පරව යන්නයි
නෙතක් පාදා පෙනුම දෙන්නේ
මුවා කළ හස කැළුම් විදින්නයි



සිලක් දල්වා පහන් කරන්නේ
අදුරු හාත්පස එකලු කරන්නයි
නිමක් නොවන සද එළිය ගලන්නේ
දිනිසුරු නුඹ ගැබ පිපෙන තුරුයි



නිතින් නොලදත් සෙනෙහෙ පුරන්නේ
ඔබ පළදන පෙම් කිරුළ දරන්නයි
ලෙවන් අප පෙම් කවිය ඉරන්නේ
ආල වඩන දෙහදක අදුර සදන්නයි....

සෙනෙහස

නෙතක කදුළු
ඇහැරෙන කොට
සිතක සුසුම් පෙම් බැදි කදුළට
හදක පැතුම් අත වනයි සෙනෙහෙට
මලක සුවද අහිමි මා හට

පෙමක මහිම කියා දුන් සිත
දුකක හෙලා ගියා බෝ දුර
සදක සිරිය නොදුටු නෙතු අද
සදක සිරිය කියයි ලොවටම



ආදරේ කියයි නෙතු සලා
සාගරේ සමයි මට ඔයා
ප්‍රේමයේ තරම් කියා දී එදා
සාගරේ කදුළු ඇසට පුද කළා මල්
සුවද සොරාගෙන කාටත් රහසේ
නිල් පැහැය සොරාගෙන මගේ දෑසේ
තොල් සායම් නෑ හැඩවී පෙනුනේ
පෙම් කතා නොමැත ආයෙත් ඇසුනේ....

Wednesday, May 2, 2012

මා බලාන උන්නා

ඔබ තිතක් වී ඈතට යනතුරු
සිත සිය දහස් වර
මා බලාන උන්නා
මගේ යාළුවන්ටත් මම...
ඔබ ගැන කිව්වා...
ඔබ තිතක් වී මා හද තුළ තවමත්...
ඇයිද මා තවම නොදනී.
ඔබත් දන්නේ නැතුව ඇති...
මේ බවක්...
මම කැළණි සදටත්
ඔබ ගැන කිව්වා...
මා සිත ඉකිබින්දා
අනෝරා වැසි නොවී...
සන්හිද පමුල
පහන් පැලත්
මා දෙස බලාන උන්නා දුකින්......

මහද සරාසද

සද කැළුම් දකින තුරු
අදුරු සෙවනැලි අතර
සැගවිලා තනිව මo

බලනවා තවම මග
හැගෙනවා නොවෙද එය
මගෙ සරාසද නුඹට....



තරු නෙතුත් නිදන රැය
ඇහැරිලා මගේ නෙත්
මිහිදුමේ සළු අතර
සොයනවා නුඹේ රුව
මැවෙනවා විටෙක මට
දන්නවා නොවෙද නුඹ....



හිත හඩා වැලපිලා
නුඹ නොමැති පාළුවට
නෙතුත් මගෙ පියවිලා
සොයයි නුඹෙ සුවද පොද
රෑ ගනන් ඇහැරිලා
මිමිනෙව්වා සයන මත
දැනී නොදැනී ළගම
දැනෙනවා නොවෙද එය....

අලුත උපන් කිරි කැටියා

දිවි මග නොදැනෙනා බර මා ලද අතර
දහසක් පැතුම් ඇති හද කොනකය අමර
සෙනෙහෙ බර පියෙකි පුත නුඹ ලද මෙවර
මව් කුස දා පටන් පතනෙමි නුඹ සසර

මොලකැටි පුතකු ලද විගසින් සතුටු උනා
යහළු මිතුරු කැළ සමගින් ප්‍රීති උනා
අනාගතය ගැන සුබ පෙර නිමිති දැනා
පුත මා ලද මැණික නුඹමයි මව්ගෙ සිනා



කුළුදුළ උපන් පොඩි පුතු, මා තුරුළු කරන්
හද පිරි සෙනෙහෙ නුඹ හට නොඅඩුව බෙදමින්
අම්මා සමග හුරතලයට සිනා වෙමින්
ලෝකය බබළවන පහනක් වෙන්න ඉතින්