Thursday, May 3, 2012

සිහිනයක් වන් ප්‍රේමයක්

පියුම් පෙති මත තුෂර සැලෙනා
නුඹේ නෙතු ලග කදුළු සේ
පහන් එළි නැත සුසුම් දැවෙනා
පෙම් ළතැවුල් අනන්ත අහස සේ

විලක් පාදා මල් පිපෙන්නේ
ලොවට සුවද දී පරව යන්නයි
නෙතක් පාදා පෙනුම දෙන්නේ
මුවා කළ හස කැළුම් විදින්නයි



සිලක් දල්වා පහන් කරන්නේ
අදුරු හාත්පස එකලු කරන්නයි
නිමක් නොවන සද එළිය ගලන්නේ
දිනිසුරු නුඹ ගැබ පිපෙන තුරුයි



නිතින් නොලදත් සෙනෙහෙ පුරන්නේ
ඔබ පළදන පෙම් කිරුළ දරන්නයි
ලෙවන් අප පෙම් කවිය ඉරන්නේ
ආල වඩන දෙහදක අදුර සදන්නයි....

No comments:

Post a Comment