නෙතක කදුළු
ඇහැරෙන කොට
සිතක සුසුම් පෙම් බැදි කදුළට
හදක පැතුම් අත වනයි සෙනෙහෙට
මලක සුවද අහිමි මා හට
පෙමක මහිම කියා දුන් සිත
දුකක හෙලා ගියා බෝ දුර
සදක සිරිය නොදුටු නෙතු අද
සදක සිරිය කියයි ලොවටම
ආදරේ කියයි නෙතු සලා
සාගරේ සමයි මට ඔයා
ප්‍රේමයේ තරම් කියා දී එදා
සාගරේ කදුළු ඇසට පුද කළා මල්
සුවද සොරාගෙන කාටත් රහසේ
නිල් පැහැය සොරාගෙන මගේ දෑසේ
තොල් සායම් නෑ හැඩවී පෙනුනේ
පෙම් කතා නොමැත ආයෙත් ඇසුනේ....

No comments:
Post a Comment