Wednesday, May 2, 2012

මහද සරාසද

සද කැළුම් දකින තුරු
අදුරු සෙවනැලි අතර
සැගවිලා තනිව මo

බලනවා තවම මග
හැගෙනවා නොවෙද එය
මගෙ සරාසද නුඹට....



තරු නෙතුත් නිදන රැය
ඇහැරිලා මගේ නෙත්
මිහිදුමේ සළු අතර
සොයනවා නුඹේ රුව
මැවෙනවා විටෙක මට
දන්නවා නොවෙද නුඹ....



හිත හඩා වැලපිලා
නුඹ නොමැති පාළුවට
නෙතුත් මගෙ පියවිලා
සොයයි නුඹෙ සුවද පොද
රෑ ගනන් ඇහැරිලා
මිමිනෙව්වා සයන මත
දැනී නොදැනී ළගම
දැනෙනවා නොවෙද එය....

No comments:

Post a Comment