Friday, May 11, 2012

පිරිපා පිණිපා

සරා සැකි කප්ලකක්
පෙරුමන් පිරූ සම නිසක්
ගයාවෙහිදි සිරි සිදුහත්
බුදුවුණි පොහෝ දින වෙසක්

අවුරුදු පන්සාලිසක්
නිමකර හැම බුදු කිසක්
වෙසගේ කුසිනාරාවේදි
පිරිනිවියහ දින වෙසක්

හිමි ගුණ කද කර මතක්
පුදමින් කවි මල් වෙසක්
සිරිපා පිණිපා කරනෙමි
මොකටද මට වෙන සැපක්

තුන් සැත්තෑවක් නැන
බල මහිමෙන් අග වුන
ඉදු බල ගුණ කද නිම නැති
හිමියණි දෑරග මිණ

නිම්මා නැති සතහට
අම්මා වැනි සසරට
සම්බුදු හිමියනි සිරිපා
තබන්න මගෙ හිස පිට



සුපිපුන තුන් දිය විල
මහිමිය පිපි එක මල
ඔබ හැර මට පිළිසරණක්
නැත හිමියණි දස බල

ජයසිරිමා බෝ මුල
බිද හැර පස් මරු බල
බුදු වුන මාරජි හිමියණි!
වැද වැටෙනෙමි පා මුල....

No comments:

Post a Comment